தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
අපි ගෘහ සේවිකාවන් පිටරට යැවීම තහනම් කරනවා - හිටපු ආර්ථික සංවර්ධන ඇමති කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපි ගෘහ සේවිකාවන් පිටරට යැවීම තහනම් කරනවා – හිටපු ආර්ථික සංවර්ධන ඇමති කියයි



අපේ රජයක් යටතේ ගෘහ සේවිකාවන් වශයෙන් කාන්තාවන් විදෙස්ගතවිම තහනම් කරන බවත්, ඒ වෙනුවට කාන්තාවන්ට ආදායම් මාර්ගයක් සකසා ගැනීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් සකස් කරන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර ආසනයේ කාන්තා දින රැස්වීම අමතමිනි.

එහිදී අදහස් දක්වමින් “කාන්තාවන් රැකියා සඳහා මද පෙරදිග යැවීම වැළක්වීමට අපි එදත් උත්සාහ කළා. ඊළඟ මහින්ද රාජපක්ෂ රජයක් යටතේ අපි එය තහනම් කිරීමට කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට අදායම් මාර්ගයක් සකසා ගත හැකි විකල්ප වැඩපිළිවෙලක් සකස් කරනවා.”

නියමිත වයස හෝ සම්පූර්ණ කර නොකර විදේශ ගත වී සිටි රිසානා නාෆික් දැරියට මරණ දඬුවම හිමිවූවේ බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමතිවරයාව සිටි 2013 කාල සීමාවේදීයි. ඒ මොහොතේ එම දැරිය වෙනුවෙන් කිසිවක් කිරීමට මෙරට ආණ්ඩුව උත්සාහ නොකරන ලදී. එසේම බැසිල් රාජපක්ෂ රටේ ආර්ථිකය සම්බන්ධ වගකිව යුතු ඇමතිවරයෙකු සිටි ඒ මොහොතේ රටේ ආර්ථිකයේ වැඩි බරක් උසුලන විදෙස් ගත ශ්‍රමික කාන්තාවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක් කරනු දක්නට නොලැබුණි.