Posted on 01.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරණ මාලදිවයින, භූතාන සිසුන්ට සහ අනෙකුත් විදේශීය සිසුන්ට සීමාවාසික පුහුණුව සඳහා තාවකාලික ලියාපදිංචිය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
2009 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කරනු ලැබුවේ ත්‍රිවිධ හමුදාවේ වෛද්‍යවරුන්ගේ හිඟය විසඳීම සඳහා වෛද්‍ය විද්‍යා උපාධිය ප්රදානය කිරීමටයි.
මේ වන විට ප්‍රථම වසරේ සිට අවසාන වසර දක්වා ශිෂ්‍ය කණ්ඩායම් අටක් මෙහි අධ්‍යාපනය ලබමින් සිටින බව වාර්තා වේ.
ඒ අතරට විදේශීය සිසුන් 206ක් ඇතුළුව සිසුන් 1241ක් ඇතුළත් වේ.