Posted on 08.03.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රටේ පවතින මූල්‍ය අර්බුදය අනුව මේ මොහොතේ ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමක් කළ නොහැකි බවටත් ඒ පිළිබඳ යමක් කිරීමට ඉදිරි අයවැයේදී සලකා බැලීමටත් කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දු කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.
ගුරුවරුන්ට වැටුප් වැඩිකරන්නේ නම් බිලියන 56ක් අවශ්‍ය බවත් එවැනි මුදලක් මේ මොහොතේ වැයකළ නොහැකි බවත් ඇමතිවරයා පවසා ඇත.
මෙම තීන්දුවට ආණ්ඩුවේ සියලු දෙනා ඒකමතිකව පැමිණි බවද ගාමිණී ලොකුගේ පවසා ඇත.
අමාත්‍ය ගාමිණී ලොකුගේ මේ බව පැවසුවේ ඊයේ (02) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.