Posted on 08.02.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවයට අදාළ කැබිනට් සංදේශය අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් සංදේශයක් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය සාකච්ඡා කිරීම සඳහා සතියක් කල් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා තිබුණි.
ඒ අනුව අදාළ කැබිනට් සංදේශය අද කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡාවට ගැනීමට නියමිතයි.
මෙම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ ද ගුරු සංගම් සමඟ ඉකුත් සතියේ පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබිණි
විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු සංගම් ඔන්ලයින් වර්ජනයක් ආරම්භ කර ඇති අතර ,සිය ඉල්ලීම් ලබාදෙන තෙක් වර්ජනය දිගටම සිදුකරන බව එම සංගම් ප්‍රකාශ කර ඇත