Posted on 08.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට සම්බන්ධ පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු (42) අත්අඩංගුවට ගෙනතිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි 26 ක් සහ කාන්තාවන් 16 දෙනෙකු සිටින බවයි.
විරෝධතාවය අතරතුර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කිරීමේ චෝදනාව යටතේ විරෝධතාකරුවන් පැමිණි වාහන 10 ක් ද පොලිසිය භාරයට ගත් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.
නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවත් අයුතු ජනරාශිය වැනි දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි සඳහා ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.
සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.