Posted on 07.08.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(8) පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කළ දිවයින පුරා ස්ථානණනාවකදී පොලිසිය විසින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.
බත්තරමුල්ල පොල්දුව වටරවුමේ විරෝධතාවක නිරත වු ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ’ 31 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
එසේම, අද පෙරවරුවේ අකුරැස්සේදී පැවැත්වූ විරෝධතාවකදී කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක, හිටපු පළාත්සභා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්, හිටපු පලාත්සභා මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ ඇතුළු 12 දෙනෙකු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම,
ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක මංජුල සුරවීර, කොත්මලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන කපිල බණ්ඩා වීරකෝන් සහ ජයරත්න, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් කලෙයි සෙල්වි යන 04 දෙනා හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.