Posted on 06.16.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
කොරෝනා ආසාදනයෙන් දැඩි ලෙස දුර්වලවන රෝගීන්ගේ ජීවිත රැක ගන්නට හැකි ඖෂධයක් ලෙස ඩෙක්සාමෙතසෝන් භාවිත කෙරෙන බව BBC පුවත් සේවය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය විශේෂඥයන් පවසන ආකාරයට අඩු මා්රික ස්ටෙරොයිඩ් වර්ගයක්වන ඩෙක්සාමෙතසෝන් නිසා මාරාන්ික කොරෝනා වෛරසයේ තර්ජනයෙන් මිදීමට පහසුවක් වන බවයි.
ලොව පුරා කොරෝනා වෛරසයට පිළියම් ලෙස ෟෂධ සොයන පර්යේෂකයන් විසින් භාවිතයට ගත් ඖෂධයක් ලෙස මෙම ඖෂධය අවධානයට ලක්වූවකි. බ්‍රිතාන්‍ය විශේෂඥයන් ප්‍රකාශ කරන ආකාරයට මෙම ඖෂධය මුල් අවස්ථාවේ යොදාගත්තේ නම් මියගිය රෝගීන් 5000ක් පමණ බේරාගන්නට හැකිව තිබුණු බවයි. ලාභදායක ඖෂධයක් ලෙස දිළිඳු රටවල රෝගීන් ආරක්ෂා කරගැනීමට හැකියාවක් මෙයින් තිබෙන බවද ඔවුහු පවසති.
මේ අතර මෙම ඖෂධයේ වැදගත්කම අනාවරණය වීමෙන් පසුව අගමැති බොර්ස් ජොන්සන් පවසා ඇත්තේ ඒරට දෙවැනිවරට උත්සන්නවන කොරෝනා වසංගත තත්වයකදී භාවිතයට ගැනීමට හැකි ඖෂධයක් හමුවීඹ නිසා ජය සැමරිය හැකි බවය.