Posted on 01.19.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 829 දෙනකු අද (19) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
විදේශයන්හි සිට පැමිණි 9 දෙනෙක් මෙම ආසාදිතයන් අතර වෙති. අද දින කොරෝනා ආශ්‍රිත මරණ 12ක් නිශ්චිතකර තිබිණි. ඊයේ එම ගණන 13ක් විය.
මේ සමඟම මෙරටින් වාර්තාවී ඇති මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,98,536 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.