Posted on 01.08.2022 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) කොවිඩ් 19 ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය සම්බන්ධ සඳහන් කිරීමේදී එය එතරම් බරපතළ තත්වයක් ඇති නොකරන බවට නිගමනය කිරීමෙන් තමන් වරදක් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගනී.
ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වන බව අනාවරණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය එහි අනතුරුදායක බව අඩු යැයි කීවද මේ වනවිට ලොව පුරා ‘ඔමික්‍රෝන්’ මරණ වාර්තා වීම නිසා එම සංවිධානය මෙසේ කණගාටුව පළ කර ඇත.
ජිනීවා හි පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනම් පවසන්නේ මේ වනවිට ලොව පුරා වාර්තා වන ආකාරයට නව ප්‍රභේදය විසින් දිනපතා ජීවිත බිලි ගන්නා බවකි.
එපමණක් නොව, ඉදිරි සති කීපයේ දී ‘ඩෙල්ටා’ විකෘතිය අභිබවා යමින් ලොව ප්‍රධාන ‘කොවිඩ් 19’ විකෘතිය ලෙස ‘ඔමික්‍රෝන්’ ව්‍යසනකාරි තත්වයක් ඇතිකරනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී කියා සිටියේය. තමන් සිදු කළ වරද නිසා කොවිඩ් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය සුලුවෙන් තැකීමේ තත්වය ගැන කණගාටුව පළ කරමින් ඔහු කියා සිටියේ ඔමික්‍රෝන් සුනාමියකට ලෝකය සූධානම් විය යුතු බවයි.
මේ අතර කෝවිඩ් වෛරසය දුර්වල වෙමින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි වනු ඇති බවට මත පළ වන බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි ඉක්මන් නිගමනවල පැමිණීමට තවමත් නොහැකි බැවින් ඉදිරියේ නව ප්‍රභේද වඩා බිහිසුණු වීමට ඇති ඉඩකඩ බැහැර නොකළ යුතු බවද අවධාරණය කරයි.