தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ගම්මන්පිල රාජපක්ෂලාගෙන් කැපෙන ලකුණු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගම්මන්පිල රාජපක්ෂලාගෙන් කැපෙන ලකුණු!



‘පිවිතුරු හෙළ උරුමය‘ නායකයා ලෙස කටයුතු කරන එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරයකුවන උදය ගම්මන්පිලට රාජපක්ෂලා විසින් කෙනෙහිලිකම් කරන බව එම පක්ෂයේ ආරංචි මාර්ග හෙළි කරයි.

ඒකාබද්ද විපක්‍ෂයේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ. පසුගියදා පැවති රාජපක්ෂ කන්ඩායමට සහාය පළ කරන පක්‍ෂවල නායකයන් සමග පැවති රැස්වීමකදී පලාත් පාලන ආයතනවල පුරප්පාඩුවන මන්ත‍්‍රී ධුර පිරවීමේදී තම පක්ෂයට අසාධාරණයක් සිදුවන බවට
ගම්මන්පිළ විසින් මැසිවිලි නගා ඇත. එම පුරප්පාඩු පිරවීමේ නිසි ක‍්‍රමවේදයක් සකස් කල යුතු බවට ‘පිවිතුරු හෙළ උරුමය‘ නායකයා විසින් කළ යෝජනාවක් සමගින් මෙම තත්වය ඇතිව තිබේ. එහිදී මහින්ද රාජපක්ෂ ප්‍රතිචාර දක්වා ඇත්තේ දැනටමත් ‘පිවිතුරු හෙළ උරුමය‘ වෙත නියෝජිතයන් තේරී පත්වී ඇත්තේ පොහොට්ටුව ලකුනින් තරග කළ නිසා බවත් තනිවම
‘පිවිතුරු හෙළ උරුමය‘ ලෙස තරග කළා නම් මෙම මන්ත්‍රි ධුර හිමි නොවන බවත් පෙන්වා දී ඇත. පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂද එම අවස්ථාවේ උදය ගමන්පිලට අවඥා සහගතව පවසා ඇත්තේ පොදුජන පෙරමුණ තමන් විසින් නායකතවය දෙන පක්ෂයක් නිසා ඒ යටතේ පත්වන මන්ත්‍රිවරු පිළිබද තීරණය කරන්නේ තමන් විසින් බවය. පවසා ඇත. එහිදී ගම්මන්පිල පිලිතුරු ලෙස ප්‍රකාශ කර ඇත්තේ 2015 පරාජයෙන් පසුව අමෙරිකාවට පළා ගිය බැසිල්ට අවශ්‍ය ලෙස කටයුතු කරන්න තමන් සූදානම් නැති බවය. මහින්ද රාජපක්ෂ පරාජය වී මැදමුලනට ගිය වඅස්ථාවේ ඔහු වෙන්වෙන් ක්‍රියාත්මක වූ තමන් ඔහුගේ දේශපාලනය සමග එක්ව සිටින බවත් ඔහු නැති නම් පොදුජන පෙරමුණේ ලකුණින් තරග නොකරන බවත් මන්ත්‍රිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් එහිදී නැවත වරක් මහින්ද රාජපක්ෂ විවාදයට මැදිහත්ව‘පිවිතුරු හෙළ උරුමය‘ ලෙස තරග කළා නම් මෙතරම් මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් හිමි නොවන බව පෙන්වා නිහඩ කිරීමට උත්සාහ කර ඇත. මෙහිදී මහින්ද රාජපක්ෂ දෙස කෝපයෙන් ප්‍රතිචාර දක්වමින් තමන් අවතක්සේරු නොකරන ලෙසත් මෑතකදී පිහිටුවන ලද වෙනත් පක්ෂවලටත් පළාත්පාලන ආසන හිමිකර ගත හැකිව තිබියදී තමන්ට තනිව තරගකර ආසන ලබාගන්නට නොහැකි යැයි සුලු කොට නොතකන ලෙසත් ඉල්ලා ඇත.

මේ වනවිට මහින්ද රාජපක්ෂ මෛත්‍රිපාල සිරිසේන සමග සන්ධානයක් වෙනුවෙන් ගෙන යන සාකච්ඡා නිසා උදය ගම්මන්පිළ, විමල් වීරවංශ වැනි වෙනත් පක්ෂ කලබලයට පත්ව ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයකදී එවැනි සන්ධානයකින් තමන්ට දැනට හිමිවන ආසන අහිමිවන අභියෝගයක් ඔවුන් විසින් හදුනාගෙන ඇත.