ආණ්ඩුවේ චක්‍රලේඛණයක් නිසා අසාධාරණයට පත් සිසුවියන් සිව් දෙනෙකු ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට බදවාගන්නා ලෙස බල කරමින් නිදහස් අධ්‍යාපනයක් උදෙසා සිසු ජන ව්‍යාපාරය සහ අදාළ සිසු දරුවන්ගේ මව්පියන්ගේ මූලිකත්වයෙන් ඊයේ(14) ගාල්ල නගරයේ විරෝධතාවක් පවත්වනු ලැබුවා .
මෙම සිසුවියන් ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ 2019 වර්ෂයේ පළමු වසර සදහා ඉල්ලුම් කල අයවලුන් වන අතර තමන් ජීවත් වන ඉඩමේ නීත්‍යානුකූල ඔප්පු නොමැති වීම යන කාරණය පවසමින් ඔවුන් පාසලට ඇතුළත් කරගෙන නොමැත. මොවුන්ට ඒ සදහා ආණ්ඩුවෙන් නීත්‍යානුකූල බලපත්‍ර ලබාදී තිබුණද එය නොසලකා ලැබ තිබේ. පෙර වර්ෂවල මෙම බලපත්‍රයෙන් ලියාපදිංචි ස්ථානය සහතික කර පාසලේ ප්‍රථම වසර සදහා බදවාගනු ලැබුවද මෙම වර්ෂයේදී එම ක්‍රියාපටිපාටිය ඉවත් කර ඇති බව වාර්තා වේ. තවද මෙම පාසලේ ප්‍රථම වසරට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා විශාල මුදලක් ලබා ගන්නා බවද සිසුවියන්ගේ දෙමව්පියන් පවසයි.
එසේම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ඉල්ලා එම දරුවන්ගේ දෙමවුපියන් සත්‍යග්‍රහයයකද නිරතවෙමින් සිටියි. පසුගියදා එම සත්‍යග්‍රහයටද රුහුණු විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සහය දක්වා තිබුණි.