ආණ්ඩුව විසින් අධිකරණ සේවයේ විවිධ මට්ටම්වලට ලබාදුන් වැටුප් වැඩිකිරීම අනුව, ගුරුවරුන් වැනි පහළ වැටුප් තලවල සිටින රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට වහා පියවර ගත යුතු බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය අවධාරනය කරයි.
ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් සැප්තැම්බර් 09 කොළඹදී කැදවූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ ප‍්‍රධාන ලේකම් විමල් පියතිස්ස, මේ බව පැවසීය. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා පැවසූ අදහස් මෙම වීඩියෝ පටයෙන් නරඹන්න.