Posted on 09.30.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභයට අවසානයේ මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය දී තිබුණද ඔහු අධිකරණය හමුවේ මුහුණ දී සිටින පුරවැසිභාවය පිළිබඳ ගැටලුවේදී පැන නගින අවිනිශ්චිතභාවය යටතේ ඡන්ද ලබාගැනීමේ නොහැකියාවක් ඇති නිසා ඊට වංගු ගසා මුහුණ දෙන්නට මහින්ද රාජපක්ෂ සැලසුම්කරමින් සිටින බව දැනගන්නට ඇත.
ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි ගැටලුව මත ඔහුට තරඟ කිරීමට නොහැකි වුවහොත් ඇතිවන අවදානමට මුහුණ දෙන්නට විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හදිසි පක්ෂ නායක සාකච්ඡාවක් අද(30) පස්වරුවේ කැඳවා ඇත. ගෝටාභය රාජපක්ෂගේ ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 2 සිට විශේෂ අධිකරණයක විභාගයට ගැනීමට තීන්දු කිරීම හේතුවෙන් මෙම ආරක්ෂක පියවර තැබීමට මහින්ද රාජපක්ෂ තීරණයකර තිබේ.
අදාල චේදනා නිශ්ප්රභා කිරීමේ අරමුණින් නීති මෙහෙයුමක් ක්රියාත්මක වුවද ලියකියවිලි කිසිදු ප්රශ්නයක් නැතත් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ බාධාවක් ඇති වේ. එම තත්වය පිළිබඳ තක්සේරු කරමින් මෙසේ විකල්ප අපේක්ෂකත්වයට දැනට යෝජනා වී ඇත්තේ හිටපු කතානායක චමල් රාජපක්ෂ බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේවෙතත් පසුගිය කාලය පුරාම ඔහුගේ නම මෙන්ම මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති රාජපක්ෂගේ නමද පොහාට්ටුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් කියැවුණු නම් අතර විය.