Posted on 11.03.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බෙලිඅත්ත ආසනයේ ශ්රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට ගත් උත්සාහයක් මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත්වීමෙන් බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සිදුව තිබේ.
මැතිවරණ නීතිය නොතකා බෙලිඅත්ත කාර්මික විද්යාල ශ්රවනාගාරයේ අද (02) උදෑසන 10ට පමණ ආරම්භ වූ බලමණ්ඩල රැස්වීම විපක්ෂයේ ප්රධාන සංවිධායක මහින්ද අමරවීර විසින් කැඳවන ලද්දකි. පොලිසියෙන් නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග මත රැස්වීම නැවැත්වීමට කටයුතු කෙරිණි.
මහින්ද අමරවීර සිය කතාව කරමින් සිටියදී රැස්වීම නවත්වන්නට පොලිසිය මැදිහත්ව තිබෙන්නේ මැතිවරණ කොමිසමේ නියෝග මත බව දැනගත් වහාම පොලිසිය රැස්වීම නවත්වනන්න දැනුම් දී ඇති නිසා තමන්ගේ කථාව අවසන් කරන බව පවසා එම නීති විරෝධි රැස්වීම නවතා දමා ඇත. හිටපු කතානායක චමල් රාජපක්ෂද මෙම රැස්වීමට සහභාගි වීමට පැමිණ ඇති අතර රැස්වීම අතරමග නවතා දැමූ නිසා පැමිණි පිරිස සමග කථාබහ කර යෙදී රැස්වීම් භූමියෙන් පිටව ගියේය.