தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
ඝාතන කුමන්ත්‍රණය ගැන කථානායක පොලිස්පතිගෙන් කරුණු විමසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඝාතන කුමන්ත්‍රණය ගැන කථානායක පොලිස්පතිගෙන් කරුණු විමසයි



මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට වන කතා බහ සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාට පසුගිය සඳුදා පාර්ලිමේන්තුවට කැඳවා තොරතුරු විමසූ බව කතානායක කරූ ජයසූරිය පවසා තිබේ.

එසේම තමන් සිද්ධිය දැනගත් වහාම පොලිස්පතිවරයා, රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් මේ පිළිබඳ විමසා සිටි බව කතානායකවරයා ප්‍රකශ කර තිබේ.

ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ඊයේ පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් තමන්ට පාර්ලිමේන්තුව තුළ බරපතල කරුණු පිළිබඳ කතා කිරීමට කතානායකවරයා ප්‍රමාණවත් කාලයක් ලබානොදෙන බවට චෝදනා කිරීමෙන් අනතුරුවයි.