தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
පොලිස්පති තක්කඩි හොරෙක් - උදය ගම්මන්පිළ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිස්පති තක්කඩි හොරෙක් – උදය ගම්මන්පිළ



පූජිත ජයසුන්දර යනු තක්කඩි හොරෙක් බව ඊයේ (19) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිළ පවසා තිබේ. තමන්ට විරුද්ධව අවශ්‍යනම් නඩු දමන ලෙසත් එවිට පොලිස්පතිවරයාට විරුද්ධව ඇති සියලු චෝදනාවලට අදාල ශාක්ෂි අධිකරණය වෙත රැගෙන ඒමට සුදානම් බව ඔහු මෙහිදී පවසන ලදී.

මේ අතර පොලිපතිවරයාගේ හැසිරීම පිළිබඳ ගැටළු ඇතත් ඔහු විසින් සිදුකරන වංචා දූෂණ සම්බන්ධ විමර්ශන සමහර හොරුන්ට සහ තක්කඩින්ට අවුලක් වී ඇති බැවින් පොලිස්පතිවරයව ඉවත් කිරීමට සැරසෙන නමුත් එයට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණි.

පොලිස්පති පූජිත් ජයසුන්දරට මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගිණුමකින් චෙක්පතක් ලැබීම සම්බන්ධයෙන් පසුගියදා (18) සත්‍ය ගවේශකයෝ සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කර තිබුණි.

එහිදී නිශාන්ත ද අල්වීස් නැමැති ඉන්ජිනේරුවරයෙකු විසින් පවසා සිටියේ 2005 වසරේ එවකට හිටි ජනාධිපතිවරයා ඝාතනය කිරිම සදහා කළ කුමන්ත්‍රණයට සම්බන්ධ එම මහනුවර පාසලේ විදුහල්පතිවරයෙකු සහ වත්මන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සමඟ සම්බන්ධතා පැවැති බවයි.