Posted on 04.23.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පල්ලි සහ හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරය වැළක්වීමට පියවර නොගැනීම හේතුවෙන් පොලිසියේ ප්‍රධානියා ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර ඉල්ලා අස්විය යුතු බව රාජිත සේනාරත්න පවසයි.
ඔහු පවසන්නේ දිවයිනේ ස්ථාන කිහිපයක මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් මස 04 දින දන්වා තිබී ඇති අතර එය ආරක්ෂක අංශ විසින් පොලීසිය වෙත දන්වා ඇති බවයි.
රාජිත ඇමතිවරයා පවසන්නේ “ජාත්‍යන්තර ඔත්තු සේවා දැනුම් දී තිබුනේ කතෝලිය දේවස්ථාන, සංචාරක හෝටල්වලට පහර දෙනවා කියලයි. මෙම සිද්ධිය සිදුවීමට දින 02 කට පෙරත් බෝම්බ පිපිරවීමට විනාඩි 10 කට පෙරත් ජාත්‍යන්තර ඔත්තු සේවා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා. මෙය ඛේදවාචකයක්. සංචාරක කර්මාන්තයට ප්‍රශ්නයක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි. අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා පොලිස්පතිවරයා ඉවත් කරන්න කියලා. “