Posted on 03.26.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට ඉන්දිය කොවිඩ් මර්දන එන්නත ලංකාවට නොලැබෙන තත්වය තුළ චීනයෙන් ‘සිනෝෆාම්’ එන්නත ගෙන්වා ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.
එම එන්නතෙන් එන්නත් ලක්ෂ 6ක් ලැබෙන බව වෛද්‍ය සැපයුම් හා ඖෂධ නියාමන රාජ්‍ය ඇමති චන්න ජයසුමන පවසයි. කෝවිඩ් වසංගතය වැළැක්වීමේ එන්නත් සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් දැක්වූ ප්‍රමාදය හේතුවෙන් මේ වනවිට ගැටලු මුව ඇති අතර දෙවන වරට එන්නත් මාත්‍රාව ලබාදීමට තිබුණු එන්නත් ප්‍රමාණයද ජනතාවට ලබා දෙමින් ආණ්ඩුව ජනතාවගේ අවලාද වැළැක්වීමට කටයුතු කරන ලදී. කෙසේ වෙතත් මේ වනවිට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ඉන්දියාවෙන් ලබා දීඹ නවතා තිබෙන නිසා වෙනත් එන්නතක් ගෙනැවිත් ජනතාවගේ අප්‍රසාදයෙන් ගැලවීමට ආණ්ඩුව ඉලක්ක කර ඇත්තේ පළාත් සභා මැතිවරණයද පැවැත්වීමේ කටයුතු පසුබමේ තබා ගෙනය.