Posted on 10.21.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) පාස්කු ප්රහාරය සිදුව මාස 38ක් ගෙවී ඇතත් විමර්ශන කරමින් වරදදකරුවන් අනාවරණය කිරීම වෙනුවට එම විමර්ශන යටගැසීමක් සිදුවන බව කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිනම අද ප්රකාශ කළේය.
දේව මෙහෙයකදී පාස්කු ප්රහාරයේ වින්දිතයන් සිහිකරමින් කාඩිනල් හිමිනම පැවසුවේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලින් බලය ලබාගන්නට කිසිවකු කටයුතු කළා නම් ඔවුන්ට එහි ශාපය අත්විඳින්නට සිදුවන බවයි.
ආගමික නායකයන් විසින් මෙවැනි ශාප කිරීම් සිදු කළ යුතු නැති වුවද කාඩිනල් හිමි මෙයින් අනියමින් චෝදනා කරන්නේ වත්මන් පාලකයන් විසින් පාස්කු ප්රහාරයේ සැබෑ වරදකරුවන් හෙළි කිරීමට මැලිවන බව සහ ඊට හේතුව බලය ලබාගැනීමට පාස්කු ප්රහාරකයන් පාවිච්චි කිරීම බවයි.