Posted on 03.14.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජනතාව මුහුණ දෙමින් සිටින ජීවන දුෂ්කරතා හමුවේ වීදි බසින ලෙසත් මෙම අර්බුදයට හේතු වූ දශක හතක ධනපති පාලනයේ ශාපයට එරෙහිව ජන බලයක් ගොඩ නගන ලෙසත් ජනතාවට ආරාධනා කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රධාන නගරවල උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.
එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කළේ ආණ්ඩුව ගෙදර යවන ආකාරයටම දශක හතක් පුරා ජනතාව පෙළන ක්‍රමයත් අවසන් කළ යුතු බවයි. ඊට අමතරව ජනතාවට සහන ලබාදෙන ලෙසද මෙහිදී ආණ්ඩුවට බලකරනු ලැබිණි.




