Posted on 03.07.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 230 දක්වා අවප්‍රමාණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණයකර ඇත.
ඒ අනුව, විදේශ විනිමය ගනුදෙනු කිරීමේදී එක්සත් ජනපද ඩොලරයක අගය රුපියල් 230 ක් ලෙස පවතිනු ඇත. මහබැංකුව විසින් තවදුරටත් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරනු බවට මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.