ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරන්නෙ මහින්ද – බැසිල් රාජපක්ෂ

පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම නායකයෙකුට තමන් කොන්දේසි විරහිතව සහාය දෙන බව බැසිල් රාජපක්ෂ පවසයි. 

අද (09) කළුතරදී පැවති කාන්තා හමුවකදී තම අදහස් දක්වමින් සේ පවසන ඔහු ජනාධිපතිවරණයක් දෙසැම්බර් 07 දිනට පෙර අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව බැසිල් රාජපක්ෂ පෙන්වා දෙයි.

එසේම එම ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් පවසන බැසිල් ඇතැමුන් පවසන පරිදි තම පක්ෂය තුළ කිසිදු භේදයක් නොමැති බවත් පක්ෂයේ පරමාදර්ශී නායකයා ලෙස මහින්ද රාජපක්ෂ බවත් කියා සිටියේය.

Chandana Sirimalwatte :