தமிழ்
English
Contact
Friday 3rd May 2019    
ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්න පුළුවන් මහින්දට විතරයි - ජී එල් පීරිස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්න පුළුවන් මහින්දට විතරයි – ජී එල් පීරිස්



ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කළ හැක්කේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට පමණක් බවත් කිසිවෙකුට එවැනි අයිතියක් හිමිනොවන බවත් පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් නැවත අවධාරණය කර තිබේ.

ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබුනේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් ලෙස පත්වූ දයාසිරි ජයසේකර විසින් මීළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව වීම විශේසහ්ත්වයකි .

ජී එල් පීරිස් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව අනෙකුත් පක්ෂ සමඟ පුළුල් සන්ධානයකට යාමට සූදානම් බවත් තම පක්ෂය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ආසන සියයට 70ක් පමණ දිනාගනු ලැබුවේ පොහොට්ටුව ලකුණෙන් බැවින් ඉදිරි සන්ධානයකදී මෙම සළකුණ සහ අනන්‍යතාවය බැහැර කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධ ප්‍රශ්නය නැවත උඩ මතුවෙමින් තිබේ. එහිදී අපේක්ෂකත්වය සම්බන්ධ කතා බහ ගෝඨාභය ගැන සඳහන් නොකරමින් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල අතර රඳවා ගැනීමට උත්සාහ දරන බවද දක්නට ලැබෙන්නකි. මේ අතර මෛත්‍රීපාල සිරිසේන තම සමීපතයන් විවිධ තනතුරු සඳහා පත්කර ගනිමින් ජනාධිපතිවරණයක් වෙත යාමේ ක්‍රියාමාර්ග අලුත් කරගනිමින් සිටියි.