Posted on 12.17.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද(17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
ඇමති තනතුරු ගෙන එ.ජා.ප. ආණ්ඩුවට එක්වන අය සම්බනද ගැටලුව හදිසි තත්වයක් ලෙස සළකා ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊයේ රාත්‍රී නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇත. ශ්‍රීල.නි.ප. ඇතුලු එ.ජ.නි.ස. මන්ත්‍රිවරු එක්සත් ජාතික පක්ෂයට යාමේ පසුබිමක් සකස්වී තිබීම තුළ සිදුකළ යුතු ක්‍රියාමාර්ග මෙහිදී විශේෂයෙන් අවධානයට ගනු ඇති බවත් ඉදිරියේදී ගනු ලබන දේශපාලන තීන්දු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ.
විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා මන්ත්‍රිවරු බහුතරය එ.ජ.නි.ස. නිසා විපක්ෂ නායකත්වය එ.ජ.නි.ස. මන්ත්‍රිවරයකු වෙත ලබා ගන්නට අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී ුවධාරනය කරනු ඇතැයි දේශපාලන ුංශවල කතාබහට ලක්ව තිබේ.