ජනාධිපතිවරණය කල් දැමීමේ කුඨ උත්සාහයට කිසිසේත් ඉඩ නොදෙන බවත් එවැනි උත්සාහයක් දැරුවහොත් ඊට විරුද්ධව පෙනී සිටින බවත් පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් පවසයි.
මේ සම්බන්ධව ඉදිරිපත් කරන තර්කයට කිසිදු නීතිමය පදනමක් නොමැති බවද ඔහුගේ ඔහු සඳහන් කළේය. ජී එල් පීරිස් පවසන්නේ මෙයට පෙර ද මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසූ අවස්ථාවේ ඉදිරිපත් වූවේත් අද ඉදිරිපත් කරන තර්කයම බවත් එම තර්කය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පස්දෙනෙකු ඒකමතිකව ප්‍රතික්ෂේප කළ බවයි.
මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට හා ජනාධිපතිවරණයට නිග්‍රහයක් මෙන්ම මෛත්‍රීපාල සිරිසේනට පෞද්ගලික අපහාසයක් බවද ඔහු සඳහන් කර තිබුණි.
ජී එල් පීරිස් වැඩි දුරටත් පවසන්නේ මෙය මැතිවරණය කල් දැමීමේ රජය වුවමනාවක් බවයි.
ඔහු මේ අදහස් පළ කරනු ලැබුවේ නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර ඊයේ(10) පැවති සාකච්ඡා පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීයි.