ජනාධිපති වැය ශීර්ෂයට එජාපයේ සහාය

ජනාධිපති වැය ශීර්ෂය ජයග්‍රහණය කරවීම සඳහා සහය ලබා දෙන බව පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා තිබේ. ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳ විවාදය අද(13) පැවැත්වීමට නියමිතව ඇත.

පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ජනාධිපති වැය ශිර්ෂය පරාජය කිරීම පිළිබඳව විවිධ අදහස් තිබුණද පක්ෂයක් ලෙස එවැනි තීරණයක් ගෙන නැති බව කී මහලේකම්වරයා ජනාධිපති වැයි ශිර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සහය පලකරනු ඇතැයිද සඳහන් කළේය.

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කළහොත් කැබිනට් මණ්ඩලයට ගෙදර යාමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසා තිබුණි.

Sithara Sajeewani :