Posted on 03.29.2019 by Sithara Sajeewani in උණුසුම් පුවත් with 0 Comments
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ , මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක ඊයේ පරාජයට පත් විය.
මහා නගර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 38ක් ලැබිණි.අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ වැයශිර්ෂයේ 260 වැයශිර්ෂය වැඩි ඡන්ද 18 කින් පරාජය විය. වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 20 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38 ද ලැබිණි.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ 261 සිට 289 දක්වා සියලු වැය ශිර්ෂ පරාජයට පත් විය. පක්ෂව ඡන්ද 23 ක් ලැබුණු අතර විපක්ෂව 38 ක් ලැබිණි.මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ 162 හා 311 වැය ශීර්ෂද පරාජය වූ අතර එයට පක්ෂව ඡන්ද 24 ද විපක්ෂව ඡන්ද 38 ද හිමිවිය.
ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබේ නොසිටියහ.
මේ අතර කාරක සභා ඡන්ද විමසීම පරාජය පත්වීම ආණ්ඩුවට මාරාන්තික ප‍්‍රහාරයක් නොවන බව පාර්ලිමේන්තුවේ සභා නායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මාධ්‍යවෙත අදහස් දක්වමිනි.
එසේම පරාජයට පත්වූ වැය ශීර්ෂ ස්ථාවර නියෝග යටතේ යලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවද මෙහිදී ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා පැවසීය.