දකුණු දිග ජර්මනියේ තෙල් පිරිපහදුවක් පිපිරීමෙන් පසුව ගිනිගැනීම හේතුවේ පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තාවේ.
අද දින මෙම ගිනිගැනීම ඇතිව තිබෙන අතර අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් 1800ක් පමණ ඉවත් කර තිබෙන බව වාර්තාවේ. මියුනිච් නගරයට උතුරු දෙසින් පිහිටි මෙම තෙල් පිරිපහදුව හදිසියේම පුපුරායාමෙන් පසුව ගිනිගෙන තිබෙන අතර විශාල ගිනි දැල් ඉහළට නැගෙමින් පිරිපහදුව දැවී තිබේ.
අවට කීලේමීටර් 20ක පමණ නේවාසිකයින්ට මෙම ගින්නෙන් නැගි දුමාරය හේතුවෙන් ගෙවල්වල ජනෙල් දොරවල් වසා දැමීමට එම ප්‍රදේශයේ බලධාරීන් දන්වා ඇති බව වාර්තාවේ.
මෙම තෙල්පිරිපහදුව එරට පෞද්ගලික බෙයාර්න්ඔයිල් සමාගමට අයත් එක් බව වාර්තාවේ.