විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගෙන අද(22) පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විජිත හේරත්, නලින්ද ජයතිස්ස සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික‍්‍රම සහභාගි වී ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකගතාවකට පැමිණි බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසන අතර මේ පිළිබද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද පවසා ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් එකග වනවා යනු විධායක ක්‍රමය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි නිසා ජනතාවට කරන වංචාවක් බව 1994 සිට වරින්වර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු දුන් අපේක්ෂකයන් පසුව එම පොරොන්දු කඩ කිරීමෙන් සනාථ වේ. වරින්වර ජනාධිපතිවරණයට පෙර ජවිපෙ විසින් ධනපති පක්ෂ අපේක්ෂකයන්ගෙන් මෙවැනි ව්‍යාජ පොරොන්දු ගෙන ඔවුන් පිළිබද සුජාතභාවයක් ලබාදීමට කටයුතු කරයි. අවසාන වරට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද විධායක ජනාධිපති ධුරයට පත්වන්නට දරදිය ඇදි ජවිපෙ ඇතුළු සියලු දේශපාලන පක්ෂ වෙත මේ කියන ආකාරයේ ‘ප්‍රතිපත්තිමය එකගතාව‘ ලබා දී තිබිණි. එහෙත් ඔවුන් විසින් වසරක් තුළ විධායක බලය අත්හරින බව කී මෛත්‍රිපාල සිරිසේන දෙවනවරටත් විධායක ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නට සූදානම් වේ.