ජාතික ආණ්ඩු ප්‍රෝඩාව ඇමතිකම් වැඩිකරගැනීම වෙනුවෙන් බව කිරිඇල්ල පිළිගනී!

එක්සත් ජාතික පක්ෂය විසින් තවත් පක්ෂ කිහිපයක් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිකිරීමට අදාළ යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

සභානායකවරයා අදාළ යෝජනාවෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ දරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බවය. එම ජාතික ආණ්ඩුවට වයවස්ථාවෙන්ම ඇමතිකම් වැඩිකරගන්න වරමක් ඇති බව ඔහු පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු අතර කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 ක් නොඉක්මවිය යුතු බවට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයා වෙත ලබාදුන් යෝජනාවේ සඳහන්ය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව ඉදිරිපත් කරනු ලබන මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට කටයුතු සලස්වන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ද ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

Chandana Sirimalwatte :