ජාතිවාදි දේශපාලඥයාට බිත්තර ගැසූ තරුණයා නිදහස්

ඔස්ට්‍රේලියානු සෙනෙට් සභික ෆ්‍රෙසර් ආනිං වෙත මාධ්‍ය හමුවකදී බිත්තර ප්‍රහාරයක් එල්ල කළ තරුණයා චෝදනා නැතිව නිදහස් කිරීමට එරට පොලිසිය කටයුතු කර ඇත.

ෆ්‍රෙසර් ආනිං විසින් නවසිලන්ත ප්‍රහාරය සම්බන්ධව පළකළ ජාතිවාදී අදහස් හේතුවෙන් ඔහුට බිත්තරයකින් පහරදුන් බව විලියම් කොනලි ප්‍රකාශ කළ අතර ඔහුගේ ක්‍රියාවට බොහෝ උනුසුම් ප්‍රතිචාර හිමිවිය.

ආනිං පවසා ඇත්තේ සංක්‍රමණික මුස්ලිම් ජනගහණය මෙවැනි ප්‍රහාරවලට හේතුවක් බවය. මේ ප්‍රකාශය ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලොවපුරා විවචෙනයට ලක්ව ඇති අතර විලියම් කොනලි බිත්තරයකින් පහරදීමෙන් පසුව ඔහුට එරෙහිව නඩු පවරන්නේ නම් ඒ වෙනුවෙන් අරමුදලක්ද පිහිටුවා ඇත. එම අරමුදල වෙත ඩොලර් 50000ක් ඉක්මනින්ම එකතු වූ අතර එම මුදල නවසිලන්තයේ ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් පරිත්‍යාග කරන බව විලියම් කොනලි පවසා තිබේ.

Chandana Sirimalwatte :