தமிழ்
English
Contact
Monday 6th May 2019    
ජ.වි.පෙ. ගුරු සංගමයත් ගුරු අරගලයට එක් වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජ.වි.පෙ. ගුරු සංගමයත් ගුරු අරගලයට එක් වේ!



බී.සී.පෙරේරා වැටුප් කොමිසමේ මැදිහත්වීමෙන් ගුරුවරුන්ට සිදුව ඇති අසාධාරණය වහා විසදන ලෙස ආරම්භ කර ඇති ගුරු අරගලයට ජනතා විමුක්ති පෙරමුණේ ගුරු සේවා සංගමයද එක්ව තිබේ.

ලංකා ගුරුසේවා සංගමය හා විදුහල්පති සේවා සංගමය ඒකාබද්ධව ඊයේ (25) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් වසර 22 ක් තිස්සේ ගුරු විදුහල්පතිවරුන් පීඩා විඳිමින් සිටින බී.සී. පෙරේරා වැටුප් කොමිසමේ අසාධාරණයට එරෙහි ගුරු අරගලයට මැදිහත්වන බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසා ඇත.

පසුගිය මාස කිහිපයක් තිස්සේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ගුරුවරු සහ විදුහල්පතිවරු සමග සාකච්ඡා කරමින් මේ සම්බන්ධ විරෝධතාවක් සදහා පෙළගැස්වීම ඒකාබද්ධ ගුරුසේවා සංගමය විසින් දැනටමත් සිදුකර ඇති අතර පෙබරවාරි 28 වැනිදා ගුරු විරෝධතාවක් පවත්වන බව එම සංගමය විසින් ජනවාරි 21 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් නිවේදනය කර තිබිණි.