Posted on 03.14.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු මේ වනවිට පැහැදිලිව පෙනෙන බවත් එහි විශාල වෙනස්කම් සිදු කළයුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.
ව්‍යවස්ථා නීතිය සම්බන්ධ දැනුමක් සහිත අයකු ලෙස එ.ජා.ප. විසින් 19 වැනි සංශෝධනය කෙටුම්පත් කිරීමේ වගකීම පවරා තිබුණු මන්ත්‍රිවරයා මේ ආකාරයට තමන් විසින් නිර්මාණය කළ ආණ්ඩු ක්‍රම සංශෝධනයක අඩුලුහුඩුකම් ගැන කතා කළ පළමු අවස්ථාව මෙය වේ. ඔහු පවසන්නේ පසුගිය කාලයේ හටගත් යම් යම් සිද්ධි දෙස හැරී බැලීමේදී 19 වැනි සංශෝධනයේ වෙනසක් සිදු කිරීමේ අවශ්‍යතාව පැන නගින බවයි.
පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ලැබ කොළඹ පැවැති ව්‍යවස්ථාව සම්බන්ධ සම්මන්ත්‍රණයකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ අදහස් පළ කළේය. ජනතා විමුක්ති පෙරමුණ 19 වැනි සංශෝධනය වෙනුවෙන් විශාල දායකත්වයක් දුන් අතර එය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුව ඊට සහාය දුන් අයට ස්තුති කරමින් පෝස්ටර් අලවමින් එම සංශෝධනය සාර්ථක කරගැනීමේ කීර්තිය ජ.වි.පෙ. වෙත පවරාගැනීම වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්ද ගෙන ගියේය.