Posted on 10.19.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනතා විමුක්ති පෙරමුණට මඩ ගැසීමේ අරමුණින් ගෙන යන ප්‍රචාරයක් පිළිබඳ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
සමාජ මාධ්‍ය හරහා ජ.වි.පෙ. නායකයා ප්‍රවර්ධනය කිරීම සඳහා මිලියන ගණනක් වියදම් කළ බවට පළ කෙරෙන අසත්‍ය ප්රවෘත්ති සම්බන්ධයෙන් තමන් මෙසේ පැමිණිල්ලක් කළ බව පුවත්පත් මණ්ඩලයේ සභාපති විසින්ද මෙම අසත්‍ය පුවත ප්‍රචාරය කර ඇති බවත් හිටපු මන්ත්‍රිවරයා පවසයි.
මෙසේ අසත්‍ය ප්‍රචාර ගෙනයාම සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අවශ්‍ය සාක්ෂි මෙම පැමිණිල්ල සමග ඉදිරිපත් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් ඔහු ජනමාධ්‍යවේදින්ට පවසා ඇත.
මෙම ද්වේෂ සහගත ප්රචාරක ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ රජයට සම්බන්ධ කණ්ඩායමක් විසින් බව පවසන හිටපු මන්ත්‍රි හඳුන්නෙත්ති මෙවැනි ප්‍රචාර වලින් පෙනෙන්නේ ආණ්ඩුවේ රජයේ බංකොලොත්භාවය බවද පවසයි.