Posted on 09.30.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිනියක වන චුලා පද්මේන්ද්‍ර කුමාර් පතිරණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇති මෙම කැඳවීමට අදාළ හේතුව ඇය වෙත පැහැදිලි කර නොමැති බවද වාර්තා වේ.
මාස කිහිපයකට පෙර නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වූ 2020 විවාහක රූ රැජින තරගයෙදී ඇතිවූ ගැටුම අවස්ථාවේ එහි සිටි අය අතර චුලා පද්මේන්ද්‍ර කුමාර්පතිරණ යන නම ප්‍රකාශ විය.
එහිදී විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වාට සුළු තුවාල සිදුකිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම හා අභූත චෝදනා එල්ල කිරීම ඇතුළු චෝදනා යටතේ පසුගිය අප්‍රේල් 08 දා අත්අඩංගුවට ගත් ඇයව පොලිස් ඇප මත එදිනම නිදහස් කෙරුණි.
ලංකාවේ පළමුවෙනි ‘සුපර් මොඩ්ල්’ ලෙස එක දිගටම වසර 20ක පමණ කාලයක් තේරුණු ඉතිහාසයක් ඇති ඇය, මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස ක්‍රියා කිරීමට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික මෝස්තර නිරූපන තර්ගාවලි විනිශ්චයකාරිණියක් ලෙසත් කටයුතු කර තිබේ.
මේ වනවිට මෝස්තර නිරූපිකාවන්ගේ වේදිකා (catwalk)පුහුණුකාරිනියක ලෙස ඇය මෙරට එකම වෘත්තීයමය ආයතනය පවත්වා ගෙන යමින් Chulapadmendra Catwalk Studio අධිපතිනිය ලෙස කටයුතු කරයි.
(මූලාශ්‍රය – theleader.lk)