தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ජ.වි.පෙ. නායකයා වතු කම්කරුවන් හමු වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජ.වි.පෙ. නායකයා වතු කම්කරුවන් හමු වේ!



වතු කම්කරුවන් දෛනික මූලික වැටුප රු. 1000ක් ඇතුලු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් සටනක යෙදී සිටින අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වතු කම්කරුවන් හමුවීමට තීරණය කර තිබේ.

වතු කම්කරුවන් 2015 වසරේ සිට සිය දෛනික මූලික වැටුප රු. 1000ක් කරන ලෙස ඉල්ලා විරෝධතා දැක්වූ අතර වතු ජනතාවගේ ඡන්ද ලබාගන්නා දේශපාලකයන් මෙන්ම ප්‍රධාන වෘත්තිය සමිති පවා එම ඉල්ලීම ලබා ගැනීමට දුෂ්කර ඉලක්කයක් ලෙස පවසමින් අරගලයෙන් කර ඇර සිටියහ. ජනතා ඉල්ලීම් ඡන්ද ඉලක්ක කළ සටන්පාඨ ලෙස තෝරාගන්නා දේශපාලන පක්ෂ පවා වතු කම්කරුවන් ගෙන යන 1000 අරගලය සාධාරණ ලෙස පිළිගෙන එයට නායකත්වය දෙන්නට සූදානම් වූයේ නැත.

මේ අතර, වතු කම්කරුවන්ගේ වැටුප්, නිවාස, අධ්‍යාපනය හා සෞඛ්‍ය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නට ප්‍රතිඥා දෙමින් පසුගිය ‘වතු කම්කරු මධ්‍යස්ථානය‘ විසින් සමුලුවක්ද පවත්වන ලදී. ඒ අතර ‘1000 ව්‍යාපාරය‘ මූලික වීමෙන් වතු කම්කරුවන් දැනුවත් කරමින් දෛනික මූලික වැටුප සදහා අරගලය ජනතා අරගලයක් බවට පරිවර්තනය කරන ලදී.

ප්‍රමාද වී හෝ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වතු කම්කරුවන් හමුවීමට තීරණය කර ඇති අතර අරගලයේ කේන්ද්‍රය බවට පත්ව ඇති ‘1000 ව්‍යාපාරය‘ වෙත ජ.වි.පෙ. එක්වේද යන්න අනුමාන කළ නොහැකි බව දේශපාලන නිරීක්ෂකයෛා් පවසයති. විශේෂයෙන් මැතිවරණ වසරක් ලෙස 2019 වසරේ වතු කම්කරුවන්ගේ ඡන්ද සම්බන්ධයෙන් අවධානය යොමුකරන අයකුට ‘වතු කම්කරු අරගලය‘ දේශපාලන වේදිකාවක් කරගන්නට සිතන්නේ නම් එය කදිම අවස්ථාවක් බව එම නිරික්ෂකයෝ පවසති.