தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ජ.වි.පෙ. හැටන් නගරයේ වෙනම විරෝධතාවක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජ.වි.පෙ. හැටන් නගරයේ වෙනම විරෝධතාවක!



කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස රජයට සහ වතු සමාගම්වලට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමය අද (03) හැටන් නගරයේ විරෝධතාවක් පැවැත්වීය.

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු. 1000ක් කරන ලෙස වතු කම්කරු ජනයා සමග එක්වූ සංවිධාන ගනනාවක් පිහිටුවාගත් ‘1000 ව්‍යාපාරය‘ වෙත ජ.වි.පෙ. සම්බන්ධ නොවු අතර පෙබරවාරි 17 වැනිදා එම ව්‍යපාරය හැටන්හි විරෝධතා පෙළපාලියට ද ජ.වි.පෙ. සහභාගි නොවීය. නමුත් මෙසේ වෙන් වෙන් ලෙස වතු කම්කරු ඉල්ලීම් වෙනුවෙන් නගරවල විරෝධතා දැක්වීමට කටයුතු කරන බව උද්ඝෝෂණයට සහභාගී වු ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර කියා සිටියේය.

සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ප්‍රේමරත්න මෙහිදී අවධාරණය කළේ රජය මඟින් ඉදිරිපත් කිරිමට නියමිත අයවැයේදී නීති සම්පාදනය කර, වතු කම්කරුවෙකුට රු 1000ක දෛනික මූලික වැටුපක් ලබා දීමට කටයුතු කළ යුතු බවය. දැනට වතු කම්කරුවන්ට වැඩිකර ඇති රු.750ක වැටුප ප්‍රමාණවත් නොවන බවත්, මූලික වැටුප රු 1000 දක්වා වැඩි කිරීමේ සටන අඛණ්ඩව පවත්වාගෙන යන බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම්වරයා පවසා ඇත.