தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
වතුකම්කරුවන් 42ක් ආහාර විෂවීමෙන් රෝහලට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතුකම්කරුවන් 42ක් ආහාර විෂවීමෙන් රෝහලට!



වතු කම්කරුවන්ගේ ජීවිතවල ඇති සැබෑ තත්වය අනාවරණය කරමින් ලක්ෂපාන තේ වතුයායේ, පදිංචි කුඩා දරුවන් ඇතුලු 42 දෙනෙක් ඊයේ (19) රාත්‍රී ආහාර විෂ විමක් හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

නල්ලතන්නිය, ලක්ෂපාන තේවතුයායේ, ලක්ෂපාන කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මන් හින්දු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය ඊයේ (19) පැවැත්වීමෙන් අනතුරුව බැතිමතුන් සඳහා කෝවිලෙන් සපයන දිවා ආහාරය ලබාගැනීමෙන් මෙම සෞඛ්‍ය ගැටලුව උද්ගතව ඇත. කෝවිලෙන් ලබාදුන් ආහාර නිසා රාත්‍රි 10.00 සිට 42 නෙක් අසාධ්‍යව මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා විය. ඒම රෙි්ගාතුර වූවන්ට වමනය හා පාචනය පැවති බව වාර්තා විය. මේ වන විට ඒම 42 ගෙන් රෝගීන් 33 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත්, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල ආරංචිමාර්ග පවසයි.

වතුකම්කරු ජනතාව ඔවුන්ගේ ශ්‍රමයට වැටුප් නොගෙවීමේ අයුක්තියටද නිසි සෞඛ්‍ය පහසුකම් සහිත පෞද්ගලික ජීවිතයක් නොමැති පසුගාමී තත්වයක සිරකරමින් ලයින් කාමර ජීවිත ගතකරති. කම්කරු රුකියාවේ අසාධාරණ කොන්දේසි නිසාම ඔවුන්ට සිය සමාජ ජීවිතයේ මෙන්ම සංස්කෘතික ජීවිතයේ අයිතිවාසිකම් හිමිව නැත. කිසිදු මහජන සෞඛ්‍ය පරික්ෂකයකු ඔවුන්ගේ ජීවිතවල සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොකරන අතර සීමිත සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්නේද වතු පාලකයන්ගේ අනුකම්පාව මත මිස නිදහස් සෞඛ්‍ය අයිතිය සම්බන්ධ මැදිහත්වීමකින් නොවේ.

මේ වනවිට වකුකම්කරු ජනතාවගේ දෛනික මූළික වැටුප රු.1000 බවට පත්කිරීම මෙන්ම ඔවුන්ට ඉඩමක්, නිවසක් ලබාදීමද ඇතුළු සමාජ අයිතින් වෙනුවෙන් ‘වතු කම්කරු මධ්‍යස්ථානය’ විසින් අරගලයක් දියත්කර ඇත.