Posted on 09.05.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳව මේ වනවිට පවතින ප්රශ්නය විසඳාගැනීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (04) පෙත්සමක් ගොනු කළ බව එහි සභාපති සමන් පෙරේරා පවසා තිබේ.
අගෝස්තු හත්වැනිදා සිටි මේ දක්වා මෙම ප්රශ්නය විසඳා ගැනීම සඳහා උපරිම උත්සාහ කළ බවත් එය කරගැනීමට නොහැකි වූ බැවින් මෙසේ අධිකරණයේ පිහිට පතා සිටි බවත් ඔහු පවසයි.
සමන් පෙරේරා මේ අදහස් පළ කළේ රාජගිරිය සද්ධර්මරාජික විහාරයේ අද (04) පැවති මාධ්‍ය හමුවකදීය.
මේ ප්රශ්නය නීතිය ඉදිරියේ දී විසඳා ගැනීමට පක්ෂය ඒකමතිකව තිරණය කර සිටි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු කොමිසමේ සාමාජිකයන් හා වේදිනිගම විමලතිස්ස හිමියන් ද, අතුරලියේ රතන හිමියන් ද නීතිපතිවරයා ද වගඋත්තරකරුවන් කරමින් එම පෙත්සම ඉදිරිපත් කළ බවත් සමන් පෙරේරා පැවැසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරි මාස කිහිපය තුළ එම ගැටළුවට විසඳුම් ලබා දේ යැයි විශ්වාස කරන බව කී සභාපතිවරයා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එම මන්ත්‍රී ආසනය ලබා දෙන්නට පක්ෂය ගත් තීරණය ක්‍රියාත්මක කළ නොහැකි වූයේ වේදිනිගම විමලතිස්ස හිමියන් නිසා යැයි ද පැවැසීය.
මෙම මන්ත්‍රී අසුන ලබා ගැනීමට උපකාර ඉල්ලා අතුරලියේ රතන හිමියන් වේදිනිගම විමලතිස්ස හිමියන් සමඟ දේශපාලන බලවතුන් හමුවන බව තමන්ට සැලවී ඇතැයි ද සභාපතිවරයා පවසා තිබේ.