Posted on 10.23.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2019 අප්‍රේල් 21 වැනිදා ප්‍රහාර මාලාව සැලසුම් කළ බව කියන සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අද(23) ඒ සිදුවීම විමර්ශනයකරන ජනාධිපති කොමිසමට සාක්ෂි දීමට පැමිණියද ඇයගේ සාක්ෂි මාධ්‍ය වෙත වාරණය කරන ලදී.
ප්‍රහාර මාලාවන් පසු අවස්ථාවකදී සයින්දමරුදුහි සහරාන් පවත්වාගෙන ගිය රහස් නිවස්නයකදී සිදු වූ පිපිරීමෙන් දිවි ගලවා ගත් සහරාන්ගේ බිරිය, අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ගෙන මාස 18ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියාය. රැඳවුම් නියෝගයේ කාල සීමාව අවසන් වීම නිසා ෆාතිමා හාදියා ඊයේ පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ලබන මස 04 වැනිදා තෙක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.