Posted on 06.05.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව අමෙරිකා ඒක්සත් ජනපදයේ විරෝධාතවලට සමාන්තරව අන්ත දක්ෂිණාංශික ප්රචණ්ඩ ව්‍යාපාරයක හිස එසවීමක් සලකුණු වී ඇතැයි වාර්තා වේ.
මේ වනවිට ‘බූගලු (Boogaloo) ව්‍යාපාරය’ නමින් හඳුන්වාගත් තරුණ කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියාකාරිවන බවත් ඇතැම් අවස්ථාවල සන්නද්ධ ලෙස ඔවුන් විරෝධතා සමග හැසිරෙන බවත් වාර්තා වී ඇත.
‘අපි ජෝර්ජ් ෆ්ලොයිඩ් සමගයි!’ යනුවෙන් සටහන් කළ විරෝධතා පුවරුවක් සහිතව බූගලු ක්‍රියාකාරින් ඡායාරූපයට නගා ඇත. මේ අතර නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස්හිදී මෙම ව්‍යාපාරයට අයත් තරුණයන් තිදෙනෙක් ජූනි 4 වැනිදා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී චෝදනා යටතේ රඳවා ඇති බවද ඒක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනා වසංගතය හේතුවෙන් රට වසාදැමීමට ඒරෙහිව පැන නැගුණු විරෝධතා හේතුවෙන් දහස් ගණනක් තරුණ තරුණියන් මෙම ව්‍යාපාරය සමග ක්වෙමින් සිටින බවට විශ්වාසය පළකරන ඇතැම් නිරීක්ෂකයන් මෙම අන්තවාදී ව්‍යාපාරයේ කටයුතු 2019 වසර තුළ ආරම්භ වී කොරෝනා වසංගතයේදී ජනජීවිතය අඩාලවීමට සමාන්තරව ජනතාව අතර ස්ථාපිත විරෝධය තුළ වර්ධනය වී ඇති බව පෙන්වා දෙයි.
පවතින සමාජ ආර්ථික ක්‍රමය විසින් විසඳුම් ලබා නොදෙන ගැටලු හේතුවෙන් ආන්තිකකරණයට ලක්වන තරුණ කණ්ඩායම් පහසුවෙන් ප්රචණ්ඩ ප්‍රතික්‍රියා වෙත නැඹුරු වෙති. දක්ෂිණාංශික මතවාද පෝෂණය කරමින් ඔවුන් තම මනෝභාවයන් දක්ෂිණාංශික බලවේගවල දේශපාලන අරමුණු වෙනුවෙන් සංවිධානය කරන බව පෙනී යයි.