ටියුනීසියානු සෞඛ්‍ය ඇමතිගෙන් වගකීම සම්බන්ධ ආදර්ශයක්!

ටියුනීසියාවේ සෞඛ්‍ය ඇමැති අබ්දෙරාව්ෆ් චෙරිෆ් අලුත උපන් දරුවන් 11 දෙනකු මියයාම සම්බන්ධයෙන් වගකීම භාර ගෙන සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. 

ඔහු මෙම තීරණයට එළඹී ඇත්තේ ටියුනීසියාවේ  ටියුනිස් අගනුවර පිහිටි රෝහලක අලුත උපන් ළදරුවන්  11 දෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් තමන්ට අයත් විගකීම සැලකිල්ලට ගෙනය.

මාර්තු 07 සිට 08 දිනවලදී මෙම මරණයන් සිදු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. උතුරු අප්‍රිකාවේ මහජන සෞඛ්‍යාරක්ෂාව  සම්බන්ධයෙන්  ටියුනීසියාට විශිෂ්ටතම කීර්තිමත්නාමයක් හිමිව තිබිණි.

Chandana Sirimalwatte :