Posted on 10.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
‘කොරෝනා’ වයිරසය යළි පැතිරීමේ අවදානමක් ඇති බවත් ‘ඩෙල්ටා ප්ලස්’ නැමැති නව ‘කොවිඩ්’ ප්‍රභේදයක් පිළිබඳව ලෝකයේම අවදානය යොමු වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසයි.
නව වයිරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක් තිබීම නිසා ‘කොවිඩ්’ වළක්වා ගැනීමේ උපක්‍රම එකක් හෝ මේ අවස්ථාවේදී මඟහැරුණ හොත් නැවත රෝගය පැතිරීමේ අවදානයමක් ඇති බව කී වෛද්‍ය බටුවන්තුඩාව රටට නව ප්‍රභේද ඇතුල්වීමට ඇති ඉඩ හේතුවෙන් අවදානම තව දුරටත් තිව්රර වන බව ද සඳහන් කර තිබේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශ නියම ලෙස අනුගමනය කරන්නේ නම් ප්‍රභේදය කුමක් වුවත් ආරක්ෂාවීමේ අවස්ථාව ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂවරයා වැඩි දුරටත් පවසා ඇත.