Posted on 10.24.2021 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) පාසල් නැවත ආරම්භ කිරීමේදී පාසලට පැමිණෙන දරු දැරියන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සහ පාවහන් යුගළකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මේ වනවිට පාසල් දරුවන් වසරකට වැඩි කාලයක් පාසල් යාමට නොහැකිව නිවසේම රැදී සිටීම නිසා ශරීර ප්‍රමාණ හා සසඳන විට නිල ඇඳුම් හා පාවහන් භාවිතයට ගත නොහැකි තත්වය අධයාපන අමාත්‍යංශයේ අවධානයට ලක්ව ඇත.වසංගත තත්වය මෙන්ම වර්තමාන ආර්ථික තත්වය අනුව දෙමව්පියන්ට අලුත් ඇදුම් සහ සපත්තු මිලදී ගැනීමේ අපහසුතාව යන කරුණු පිළිබඳව අවධානය යොමුකර මෙම තීරණය ගත් බව අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එම්. ඩී. ධර්මසේන ‘ලංකාදීප’ පුවත්පත වෙත ප්‍රකාශ කරමින් පවසා ඇත.
පාසල් ආරම්භ වන හෙට (25) දින සිට නැවත දැනුම් දෙනතුරු මෙම තීරණය ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු දැනුවත් කර ඇති බවත් පාසල් කටයුතු සම්බන්ධ අතිරේක ලේකම් වරයා වැඩි දුරටත් පවසා තිබේ.
කෙසේවෙතත්, පාසල් නිලඇඳුමක් මෙරට පාසල් තුළ භාවිතයට පැමිනීමේ තත්වයන් හා නැවත පාසල් ආරම්භ කිරීමෙන් පසුව සිසු සිසුවියන්ට පාසලට පැමිණීමේදී සුදුසු ඇඳුම් සපයාගැනීමේ ගැටලු සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතුය.