Posted on 02.16.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාව විසින් ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ (PTA) අහෝසිකරන බවට එක්සත් ජාතින්ට දුන් පොරොන්දුව ඉක්මනින් ඉටු කළ යුතු බව යුරෝපා සංගමය (EU) පවසයි.
14 වැනිදා බ්‍රසල්ස් නගරයේදී යුරෝපා සංගමයේ ලංකාව පිළිබද ඒකාබද්ධ කමිටුවේ 22වැනි සැසියේදී මේ බව ප්‍රකාශ ළේ යුරෝපා විදේශ ක්‍රියාකාරිත්ව සේවයේ නියෝජ්‍ය සාමාන්යධිකාරිනි පෝලා පැම්පලෝනි විසිනි. විදේශ අමාතයංශ ලේකම් රවිනාත ආරියසිංහ සහභාගි වූ මෙම සැසියේදී ජිනිවා යෝජනා අනුව, අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය ඇරඹීම ඇතුලු මේ දක්වා ගත් පියවර සියල්ල පිළිබද පැසසුම ප්‍රකාශ කරණ ලද අතර ත්රස්තවිදය වැලැක්වීමේ පනත වහා අහෝසිකකර ජාත්‍යන්තර මට්ටමෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ නීති හදුන්වා දෙන්නට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකළ යුතු බව අවධාරණය කෙරිණි. එසේම ලංකාවේ මරණ දණ්ඩනය නැවත සක්‍රිය කිරීම සම්බන්ධව සිදුවන අදහස් දැක්වීම් හෙළාදකින බවටද එහිදී අදහස් පළ විය.