Posted on 08.15.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ අන්තවාදය වැළැක්වීම, සාමය ප්‍රවර්ධනයට සහ ජන ප්‍රජාවන් අතර සහයෝගය ගොඩනැගීමට වෙනුවෙන් යුරෝපා කොමිසම යුරෝ මිලියන 8.5 ක් වෙන් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා කොමිසම ප්‍රකාශ කර ඇත්තේ අභ්‍යන්තරව අවතැන් වූවන් සහ සරණාගතයින්ට ඔවුන්ගේ වාස භූමි වෙත ආපසු යාමට හැකිවීම වැනි සාමය ගොඩනැංවීමට අදාළ ක්‍රියාවලියට මෙම මුදල් යෙදවෙනු ඇති බවයි.
මෙම මුදල් වෙන් කර ඇත්තේ මෙම මස මුලදී ලංකාවේ විදේශ ඇමතිවරයා හා යුරෝපා කොමිසමේ උප සභාපතිනී ෆෙඩ්රිකා මොගෙරිනි අතර හමුවේදී උප සභාපතිනිය ලංකාවේ ත්රස්තවාදයට සහ අන්තවාදයට එරෙහි වැඩපිළිවෙලට සහාය දක්වන බවට පැවසීමෙන් පසුවයි.