Posted on 12.14.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ දක්ෂිණාංශික කොන්සවටිව් පක්ෂයට හා නව අගමැති බොරිස් ජොන්සන්ට අගමැති මහින්ද රාජපක්ෂ විසින් සිය සුබ පැතුම් පළ කර ඇත.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අගමැතිවරයා සිය සුබපැතුම් පළ කර ඇත. බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් කොන්සවේටිව් පක්ෂයටද සුබ පැතුම් එක් කර ඇති මහින්ද රාජපක්ෂ මහතාඅගමැතිවරයා සඳහන් කර ඇත්තේ බොරිස් ජොන්සන්ගේ තීරණාත්මක නායකත්වය එම ජයග්‍රහණයට හේතුවී ඇති බවට කිසිදු සැකයක් නොමැති බවයි.
බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ ජෙරමි කෝබින් විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ බහුතරයකින් පරාජය කරමින් දක්ෂිණාංශික කොන්සවටිව් පක්ෂය ජයග්‍රහණය කරණ ලදී.