Posted on 11.29.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කින්නියා කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේදි පාලම් පාරුවක් පෙරළීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් දැරියක ඊයේ (28) උදෑසන මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා, කොට්ඨාස අංක 01 කුරුඤ්ඤංකර්නි පදිංචි එම්.එස්.පාතිමා නෆා (06) නමැති දැරියයි. ඉකුත් 23දා පාලම්පාරුව පෙරළෙද්දි මේ දැරිය උදෑසන සිය පාසල වන කින්නියා අල් – අස්කර් විද්‍යාලයේ ඉගෙනීම සඳහා යමින් සිට ඇත. දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු මේ දැරිය අනතුරින් බේරාගෙන කින්නියා රෝහලට ඇතුළත් කර සිටි අතර බරපතළ තත්ත්වයෙන් පසුවු ඇය ත්‍රිකුණාමලය මහා රෝහලට මාරුකර යවා තිබුණි. මේ අනුව පාලම් පාරුව අනතුරට ලක්ව මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ යද්දි ඉන් පස් දෙනකුම පාසල් සිසුන් බව පොලිසිය කියයි.