Posted on 11.20.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බරපතල අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇතැයි ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඒ සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් ඉන්දීය රජය සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි රජයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කර ඇත.
ඩොලර් හිඟය හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති අතර, ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමේ දැඩි අසීරුතාවකට ඔවුන් මුහුණ දී ඇති බව රජය පවසයි.
බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීමෙන් ගිය සතියේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දමනු ලැබූ අතර ,එය යළි විවෘත කෙරෙන දිනයක්ද තවමත් ප්‍රකාශයට පත් වී නොමැත .
මේ අතර ,ඉකුත් සදුදා පැවැති කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත්තේ, ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 350 ක් අවශ්‍ය වන බවය
මේ කරුණු සැලකිල්ලට ගැනීමෙන් ඉන්ධන ආනයනය සඳහා ඩොලර් කෝටි 50 ක හදිසි ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.