Posted on 02.22.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉන්ධන හිඟයක් පිළිබඳ පැන අනැගී ඇති අවිනිශ්චිතභාවය තවදුරටත් වර්ධනය කරමින් තෙල් ආනයනය සඳහා අවශ්‍ය ඩොලර්, එහි දේශීය හුවමාරු වටිනාකම පියවීමකින් තොරව, තෙල් සංස්ථාවට ලබාදීමට මහ බැංකුවට නොහැකි බවයි.
මේ වනවිට වාර්තාවන ආකාරයට ඩීසල් හා පෙට්‍රල් තොග සහිත නෞකා දෙකක් වරායේ නැංගුරම් ලා ඇතත් ඒ සඳහා ගෙවීමට අමෙරිකානු ඩොලර් නොමැතිකම හේතුවෙන් තෙල් සංස්ථාවට එම තෙල් තොග ගොඩබා ගැනීමට නොහැකි වී තිබේ.
ඉන්ධන සඳහා ඇමෙරිකානු ඩොලර් නිදහස් නොකළහොත් ඉන්ධන හිඟයක් ඇතිවීම හා විදුලි සැපයුම් කප්පාදුව වැළැක්විය නොහැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගිය දිනවල ප්‍රකාශ කළේය.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ සම්බන්ධව කළ විමසීමකදී පවසා ඇත්තේ විනිමය වටිනාකමට අනුව රුපියල් නොමැතිව ඇමෙරිකානු ඩොලර් නිදහස් නොකරන බවයි.